දිනසේන රතුගමගේ –
මන්නාරම මඩු පරප්පකණ්ඩාල් පාරේ පිහිටි ගණ දෙවි කෝවිලක තිබූ ගණ දෙවි පිළිමය කඩා ඉවත් කොට එම ස්ථානයේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කොට ඊට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගන්නා ලෙස වන්නි පළාත නියෝජනය කරණ සියලුම පක්ෂ වල මන්ත්‍රීවරු 14 දා පොලීසියෙන් ඉල්ලීමක් කොට තිබේ.
වසර හතළිහකට වඩා කාලයක් මෙම ස්ථානයේ ගණ දෙවි කෝවිල තිබූ බව පවසන ප්‍රදේශවාසීන් 12 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් එම කෝවිලේ ගණ දෙවි පිළිමය ඉවත් කොට ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ පිළිමයක් තැන්පත් කොට තිබේ.
වසර හතළිහකට වඩා කාලයක් මෙම ස්ථානයේ ගණ දෙවි කෝවිල තිබූ බව පවසන ප්‍රදේශවාසීන් 12 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් එම කෝවිලේ ගණ දෙවි පිළිමය ඉවත් කොට ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ පිළිමයක් තැන්පත් කොට තිබේ.
මේ පිළිබදව ගම්වාසීන් පොලීසියට හා මන්ත්‍රීවරුන්ට පැමිණිලි කිරීමෙන් පසුව මන්ත්‍රීවරු මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියෙන් ඉල්ලා තිබේ.