දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටින පුද්ගලයින් 131 දෙනෙකු බේරා ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඉල්ලා සිටි බව කිළිනොච්චිය දිසාපතිනී රූපවතී කේතීස්වරන් අද (04) ප්‍රකාශ කළාය.
ඒ අනුව කිළිනොච්චියේ පුනරීන් ප්‍රදේශයේ ස්ථාන දෙකකට කොටු වී සිටින සාමාන්‍ය වැසියන් 131 දෙනා බේරා ගැනීම සදහා හෙළිකොප්ටර් යානා යෙදවීමට ගුවන් හමුදාව එකග වූ බවද කිළිනොච්චිය දිසාපතිවරිය පැවසුවාය.
දින ගණනාවක් තිස්සේ කිළිනොච්චියට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අරුවි ආරු ඔය පිටාර ගලා ඇති අතර පුනරීන් ප්‍රදේශයේ වැසියන් කොටු වී ඇත්තේ එම ජලයට හසු වීමෙනි.
විපතට පත්ව සිටින පුද්ගලයින් සමග දුරකතනය ඔස්සේ සබදකම් පවතින බව කී දිසාපතිවරිය ඔවුන්ව බේරාගෙන ගොඩ බිමකට රැගෙන ඒමට ඇති එකම ක්‍රමය හෙළිකොප්ටර් යානා යෙදවීම බවද කියා සිටියාය.
බුරවි සුළි සුළගේ හානිය ගැන කී රූපවතී කේතීස්වරන් මහත්මිය කිළිනොච්චියේ පවුල් 455 කට අයත් පුද්ගලයින් 1342 කු විපතට පත්ව සිටින බව පැවසුවාය.
නිවාස 135 කට සම්පූර්ණ හානි සිදුව ඇති අතරතවත් නිවාස 368 කට අර්ධ හානි සිදුව ඇති බවද එතුමිය සදහන් කළාය.