බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගංජා හොයන්න ප්‍රකට ආයුරවේද වෛද්‍ය වීරප්පෙරුම වෙද මහත්තයාගේ ඖෂධාලය වටලා පිස්සු කෙළිය සුරාබද්දන් 03ට අමතක නොවන පාඩමක්!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
ආයුර්වේද වෛද්‍ය කමල් බන්ධුල වීරප්පෙරුම

ආයුර්වේද වෛද්‍ය කමල් බන්ධුල වීරප්පෙරුම

Share on FacebookShare on Twitter

ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ සෙවනගල කමල් බන්ධුල වීරප්පෙරුමගේ ආයුර්වේද ඖෂධාලය නීති විරෝධීව වටලා එහි කංසා තිබූ බවට චෝදනා කරමින් සේවකයින් සිව් දෙනෙක් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් තුන් දෙනෙක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

2016 වසරේ සෙවනගල ප්‍රදේශයේ පිහිටි කමල් බන්ධුල වීරප්පෙරුම ගේ මෙම ආයුර්වේද ඖෂධාලය වැටලීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබිණි.

මෙම ක්‍රියාව තුළින් අදාළ නිලධාරීන් ද්වේෂ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් තම බලය අවභාවිත කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශ විය.

අදාළ ඖෂධාලයේ හිමිකරුවූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ එහි සේවකයින් හතරදෙනකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි.

ඒ අනුව අදාළ වැටලීමට සහභාගී වූ බොරැල්ල, සුරාබදු හා මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, එහි සුරාබදු පරීක්ෂක තිලක් කුමාර දිසානායක සහ සුරාබදු නියාමක එන්. එස් රත්නායක යන නිලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ අනුව එම නිලධාරීන් තුන්දෙනා විසින් රුපියල් ලක්ෂ 04 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් පෙත්සම ඉදිරිපත් කළ ඖෂධාලයේ හිමිකරු වූ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුමට ගෙවිය යුතු බව තීන්දුවේ සඳහන් වුණි.

අදාළ වැටලීම තුළින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අදාළ ඖෂධාලයේ සේවකයින් හතර දෙනෙකුට වගඋත්තරකාර නිලධාරීන් තුන්දෙනා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝගයේ සඳහන් වෙයි.

ඊට අමතරව පෙත්සම්කරුවන් පස්දෙනාට රජය විසින් රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් එම කොමිසම වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

ඊට අමතරව වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් තුන්දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත. – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනය හේතු මත බංගලාදේශ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් චන්දික හතුරුසිංහ වහාම නෙරපයි…

Next Post

ශිෂ්‍යත්ව විභාගය යළි ඉල්ලා ශිෂ්‍යත්ව දෙමව්පියෝ දරුවන් සමග ශ්‍රේෂ්ඨාධිකරණයට යති!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.