කෝවිලක් නිසා යාපනයේ ගම් දෙකක් ඇවිලෙයි… එක් ගමක් රැකගන්න  STF කැඳවයි….

දිනසේන රතුගමගේ-

යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ ගම් දෙකක දෙපිරිසක් අතර ගට ගත් ගැටුමක්  සමථයකට පත් කිරීමට නොහැකි වීමත් සමගම වැල්වැටිතුරෙයි පොලිසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් උඩුප්පිඩි ගම්මානයට ඊයේ ( 8 )  කැඳවා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා වැල්වැටිතුරෙයි පොලිසිය  එක්ව උඩුප්පිඩි ගම්මානයට ආරක්ෂාව සපයා දී ඇති අතර මෙම ගැටුමට සම්බන්ධ පිරිස අත් අඩංගුවට ගැනීමට වැල්වැටිතුරෙයි පොලීසිය සෝදීසි මෙහෙයුමක් දියත් කොට තිබේ.

උඩුප්පිඩි  වන්නිච්චි අම්මාන් කෝවිලේ සිද්ධියක් මුල් කර ගනිමින්  උඩුප්පිඩි ඉලකාඩි සහ වන්නිච්චි යන ගම්මාන වල දෙපිරිසක් මෙම ගැටුම ආරම්භ කොට තිබේ.


මුලින් ඉතා සුලු සිද්ධියක් වූ මෙම ගැටුම ක්‍රමයෙන් වර්ධනය වී මේ වන විට  සැඟවී සිට එකිනෙකාට පහර දී ගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර ගැටුම් වලින් මේ වන විට තුන් දෙනෙකු තුවාල ලබා ඇතැයි උඩුප්පිඩි ගම්මානයේ වැසියෝ පැවසූහ.

තුවාලකරුවන් කිසිවෙකුත් රෝහල්ගත නොවී වෙනත් ස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගන්නා බවද ගම් වැසියෝ කියා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගැටුම් වලට සම්බන්ධ පිරිස අත් අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version