කෝප් සහ කෝපා මින්පසු මාධ්‍යයට තහනම්

මෙතෙක් සියලුම මාධ්‍යයට විවෘත වූ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) රැස්වීම් මාධ්‍යය විවෘත නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රදාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (23) පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාද මෙම තිරනය ගන්නා අවස්ථාවේදී පක්ෂ නායක රැස්වීමේ සිටි බවත් ඇමැතිවරයා කීවේය.

ජනතාව තුනෙන් දෙකක් ලබාදී ප්‍රතික්ෂේප කළ දෑ තමන් යළි සිදු කිරීමට සූදානම් නැති බැවින් කෝප් සහ කෝපා කමිටු හමුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන්ගේ ආත්ම ගෞරවය රැකෙන ලෙස ආණ්ඩුව කටයුතු කිරීමට තීන්දු කළ බවත් මින් පසු මාධ්‍ය සංදර්ශන නොපවත්වන බවත් සංවිධායකවරයා කීවේය.


ඔහු මේ ප්‍රකාශය කළේ කෝප් සහ කෝපා රැස්වීම් මාධ්‍යට විවෘත කරමින් පසුගිය රජය විසින් අනුගමනය කළ පිළිවෙත නොකඩවා ගෙනයන ලෙසට සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නැගී සිට පැවසුවේ පසුගිය ආණ්ඩුවේ සභානායකවරයා ලෙස තමන් කෝප් සහ කෝපා මාධ්‍යට විවෘත කරන ලෙස යෝජනා කළ බවත් එදා එම යෝජනාව පාර්ලිමේන්තුව අනුතමත කළ බවත්ය.

ඊට ප්‍රතිචාර දෙමින් පත්කළ මන්ත්‍ මන්ත්‍රී ජයන්ත කැටගොඩ ( පොජපෙ ) කීවේ කිරිඇල්ල මන්ත්‍රීවරයා කියන ලෙස මේ ආණ්ඩුව පත්වුනේ පසුගිය ආණ්ඩුව කළ දේවල් කරන්න නොවන බවත් මේ ආණ්ඩුව ඔවුන්ගේ ආණ්ඩුව බවත්ය.

නලින් බණ්ඩාර (සජබ) –

මේ තීන්දුව ගත යුත්තේ කෝප් සභාපතිවරයා විසින්. මේ අය මේ කරන්නේ නව සභාපති මහාචාර්ය චරිත හේරත්ට බලපම්කිරීමක්. ඒ කියන්නේ දැනටමත් තීන්දුවක් අරගෙන ඉවරයි. හොරට කලින් වැටපැන්නා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු –

මේක පක්ෂ නායක රැස්වීමේ ගත් තීරණයක්. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඒ රැස්වීමේ නැහැ

ඇමැති නාමල් රාජපක්ෂ –

පක්ෂ නායක රැස්වීමේ ගන්නා තීන්දු ගැන සාකච්ඡා කරන්න සභාවේ කාලය නාස්ති කරන්න එපා. පක්ෂ නායකයින්ගේ තීරණ අපි ක්‍රියාත්මක කරමු.

ලක්ෂ්මන් කිරිඇල්ල –

මාධ්‍ය ආවරණ නතර කරන්න පක්ෂ නායක රැස්වීමේ තීන්දුවක් ගත්තේ නැහැ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු –

ඔබ සිටි රැස්වීමේදී ඒ තීන්දුව ගත්තේ. දැන් නින්දෙන් නැගිටලා වගේ කියනවා තීරණයක් ගත්තේ නෑ කියලා

කතානායක –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම මේ ගැන ලේකම්තුමාගෙන් අහලා බලන්නම්

Exit mobile version