කෝටි 7කට මත්පැන් බලපත්‍ර විකුණන අලුත් බාර් සූත්‍රයක්!- බුද්ධික පතිරණ හෙළිකරයි

සුපිරි වෙළෙඳසැල් ජාලයට තවතවත් මත්පැන් බලපත් දීමේ සූදානමක් පවතින බවත්, අවම වශයෙන් එක මැතිවරණ කොට්ඨාශයක් තුළ සුපිරි වෙළෙඳසැල් මගින් අවම වශයෙන් සුරාසැල් 5ක් බැගින් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සාකච්ඡාවක් මේ දිනවල ක්‍රියාත්මක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ඒ පිළිබඳ කරුණු හෙළිකළ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“එක බලපත්‍රයක් රුපියල් කෝටි 7කට අලෙවි කිරීමට සූදානම් බවට තොරතුරු පවතින බව පවසන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉන් එක කෝටියක මුදලක් ආසනයේ ආණ්ඩුව නියෝජනය කරන ආසන සංවිධායකයා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ හිටපු පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා සභාපතිට. එහෙම නැතිනම් එහෙම තනතුරක් නොදරන ආණ්ඩු පක්ෂයේ ආසන සංවිධායකවරයාට. තව කෝටියක මුදලක් මේ වැඩේට විරුද්ධ වෙන අය සමනය කරන්න මේකට ලැදියාව දක්වන විවිධ ආයතන අතර බෙදන්න, විරෝධ වෙන සංඝයා වහන්සෙස්ලා එහෙම ඉන්නවා නම් ඒ අය සමනය කරන්න, ඉතුරු කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත මැතිවරණයට තරග කරන්න ඉලෙක්ෂන් ෆන්ඩ් එකට යනවා.


මම සභාගත කරලා තියෙනවා බලපත්‍ර 51ක් සුපිරි වෙළෙඳසැල්වලට දීපු ලැයිස්තුවක්. ඊට අමතරව එකම මත්පැන් බලපත්‍රයක්වත් දෙන්නේ නෑ කියලා ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි. තියෙන සුරාසල් හින්දා රටට වෙලා තියෙන වින්නැහිය හොඳටම ඇති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සතොසට කල් ඇතිව සුරාසැල් බලපත්‍රයක් දීලා, සතොසෙ නම ගහලා බාල බඩු ටිකක් දීලා සතොස වට්ටලා, ආයෝජන ආදි වෙන නම් දීලා ලීසිං කම්පැනියකට මේක විකිණීමට කරන පිඹුරුපත් සැකසීම අපි හෙළිදරව් කරනවා විතරක් නෙවෙයි අපි ඊට එරෙහිව අරගලය අඛණ්ඩය ගෙනවනවා. පාරිභෝගික අධිකාරි පනතේ 18 වැනි වගන්තියට අනුව ක්‍රිියා නොකොට කොම්පැනිවල මිල ආණ්ඩුවේ මිල කිියලා කටයුතු කරන, ව්‍යාපාරික ඒකාධිකාරියක් නිර්මාණය කරන්න සූදානම් කරන දේට විරුද්ධව අපි පෙළගැහෙනවා. මේ ආයතන රකින්න අනාගතයේ දී සමගි ජනබලවේගය කටයුතු කරනවා.”

Exit mobile version