සූරියවැව නුවන් ජයසේකර –
රුපියල් කෝටි 25ක් වටිනා අධි ධාරිතා යතුරු පැදි ඇතුළුව යතුරු පැදි 21ක් මෙරටට ගෙන්වා ඇත්තේ කුරුළු කෑම රටට ගෙන්වන මුවාවෙන් එම බහාලුම්වල සඟවා බව මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට කුරුළු උයනේ කළමණාකරු හා ගබඩා පාලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට කුරුළු උයනේ කළමණාකරු හා ගබඩා පාලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම යතුරුපැදි 21 හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ඉතා රහසිගතව සඟවා තිබිය දී කොළඹ පොලිස් මධ්‍යම විමර්ෂණ කාර්යංශයේ නිළධාරීන් විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.
කුරුළු කෑම ගෙන්වන මුවාවෙන් අධි ධාරිතා යතුරු පැදි ගෙන්වා හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක සගවා ඇති බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරියට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව පොලිස් මධ්‍යම විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
එම යතුරු පැදි අතරින් යතුරු පැදි 13ක්ම එනජින් අධි ධාරිතා යතුරුපැදි බවද අනාවරණය වි තිබේ. ඒ අතර ඇමරිකාවේ නිශ්පාදිත අශ්ව බල 1000 ප්‍රමාණයේ යතුරු පැදි 08ක් හා එම ධාරිතාවේම ට්‍රයිසිකල් 04ක්ද, චීනයේ නිශ්පාදිත ට්‍රයිසිකලයක්ද තිබූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් යතුරු පැදි අතර, හොන්ඩා වර්ගයේ ස්කූටර් 03ක්ද, හොන්ඩා අශ්ව බල 90 වර්ගයේ යතුරු පැදි 05ක්ද තිබී ඇත.
අත්අඩංගුවට පත් අධි ධාරිතා යතුරු පැදියක තීරු බදු සහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ බව විමර්ශන අංශ අනාවරණය කරයි.
වැටලීමෙන් අත්අඩංගුවට පත් යතුරු පැදි 21 හා සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරියගේ උපදෙස් මත පොලිස් මධ්‍යම විමර්ෂණ කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිළධාරින් පිරිසක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.







