කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රියක් අද අළුයම ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මගීන් 14 දෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ මගීන් කහවත්ත මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
බස්රථය අනතුරට ලක්වන විට බස්රථය 54 දෙනකු ගමන්කර තිබේ. රියදුරු හා කොන්දොස්තර පොලිස් භාරයට ගෙන විමර්ශන සිදුකරන බව රක්වාන පොලිසිය කියා සිටියි.







