කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ සැකකාර සරසවි සිසුවා රක්ෂිත බන්ධනාගාරයට…

සැකකාර ඝාතක සිසුවා පලා යන අයුරු( වම් පස)

කොළඹ තුරඟ තරග පිටිය අසල කොළඹ සරසවියේ ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන සැකකාර විශ්ව විද්‍යාල තරුණයා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය.

කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්ගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට කළේය.

Exit mobile version