පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා මේවන විට කොළඹ වාරායේ නැංගුම්ලා තිබෙන ඉන්දීය යුධ නෞකාවේ ගුවන්යානා ලබාදීමට ඉන්දීය රජය එකඟවී තිබේ.
ඒ අනුව, මේවන විට නැංගරම්ලා තිබෙන ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. වික්‍රාන්ත් ගුවන්යානා ප්‍රවාහන නෞකාවේ තිබෙන ගුවන්යානා සහන සැලසීම් සඳහා එක්විමට නියමිතය.
මෙම යානා ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අද පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී අනාවරණය කළේය.
මේ අතර සහන සැපයීම සඳහා නාවික හමුදාව කණ්ඩායම් 141ක් සූදානම් කර ඇති බවත් ඉන් කණ්ඩායම් 32ක් මේවන විට සහන සැලසීම් සඳහා යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් 6ක් ඉකුත් 22 වැනිදා සිට ස්ථානගත කර ඇති බවත් එම යානා මේවන විට මුදාගැනීමේ කටයුතු වල නිරතවී සිටින බවද ගුවන් හමුදාව සඳහන් කරයි.







