මේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ය.
ඔහු පේරාදෙණිය රෝහලට පැමිණ ධ්‍යක්ෂක ලෙස කටයුතු කර වසර පහක පළපුරුද්දක් තිබේ. ඊට පෙර ඔහු සේවය කළේ මාතලේ රෝහලේ අධ්යක්ෂවරයා ලෙසය.
රෝහල් අධ්යක්ෂවරයා ගැන මේ විශේෂ සටහන තබන්නේ සිත්ගන්නා සුළු හේතුවක් නිසාය. වෛද්‍ය අර්ජුන තිලකරත්න පසුගිය දිනවල විශේෂ රැස්වීම්වලට නුවර සිට කොළඹ ආවේ පා පැදියේය. අපට නම් මතක් වෙනකොටත් ඇඟ රිදෙන මේ අමුතු පා පැදි ගමනට හේතුව වෛද්‍ය අර්ජුන් තිලකරතන ගෙන් විමසුවෙමු. ඔහු දුන්නේ අපූරු උත්තරයකි.
අප ඉන්නේ බිඳ වැටුන ආර්ථිකයක් සහිත රටක. ඉතින් තම තමන් තමන්ට හැකි පරිදි තමන්ගේ ජීවන රටාව වෙනස් කරගනිමින් ඊට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ වගේම තව දෙයක් තමයි අපි කාර්ය බහුලත්වය මත අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. මේ වන විට පවතින ඖෂධ ගැටලු රෝහල්වල පවතින සේවක ප්‍රශ්න විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම වැනි අනාගතයේ අරබුද මතුවන වර්තමාන ප්‍රශ්නවලට හොඳම පිළිතුර තමන්ගේ ජීවන රටාව තමන් විසින්ම සකසා ගැනීම බව මම විශ්වාස කරනවා.
එම නිසාම ඉකුත් මාසයේ සිට මේ වනතුරු දුර ගමන් පවා මම යන්නේ මගේ පා පැදියේ.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
රට වටේ බණ කියමින් යන බොහෝ දෙනාට වඩා වෛද්‍ය අර්ජුන තිලකරත්න විශේෂ වන්නේ ඔහු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සරල ජීවිත පැවැත්ම ප්‍රායෝගික කර ඇති බැවිනි. මේ ඡායාරූපය දැක්වෙන්නේ දැනට සති කිහිපයකට උඩදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වන ලද රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීමක් සඳහා පේරාදෙණිය රෝහල් අධ්යක්ෂවරයා බයිසිකලයෙන් කොළඹට ගිය අයුරුය