මේ වනවිට කොළඹ රාජකාරිවල යොදවා ඇති පොලිස් නිලධාරීන් දරාගත නොහැකි රාජකාරි පීඩනයත් සමග ලෙඩ නිවාඩු වාර්තා කිරීම ඉහළ ගොස් ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
නිවාඩු අවලංගු කිරීම සමහර අවස්ථාවල දින ගණන් එක සීරුවට රාජකාරි කිරීමට සිදුවීම, ඉහළින් මෙන්ම සමාජයෙන් එල්ලවන පීඩනය හමුවේ මෙම නිලධාරීන් බොහෝ දෙනෙක් අධික විඩාවට පත් වී ඇති අයුරු වාර්තා වේ.
මෙම රාජකාරි පීඩනය වැඩි වශයෙන්ම දැනෙමින් ඇත්තේ උප පොලිස් පරීක්ෂක නිලයෙන් ඉහළ ක්ෂේත්‍රයේ රාජකාරි කරන නිලයන්ට බව ද දැනගන්නට ඇත.







