පසුගිය සඳුදා කොළඹ රමාඩා හෝටලයේ ගෑස් ආශ්‍රිත පිපිරීමකින් අරක්කැමියෙකු තුවාල ලබා තිබීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඩේලි මිරර් කියයි.
පොලිසිය පැවසුවේ සඳුදා අලුයම කුස්සියේ ලිපට සම්බන්ධ ගෑස් නළය පුපුරා යාමෙන් අරක්කැමියා සුළු තුවාල ලබා ඇති බව ය.
සිද්ධියෙන් තුවාල ලැබූ අරක්කැමියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ඔහු ඊයේ (04) රෝහලෙන් පිටව ගොස් තිබේ. මේ පිළිබඳව හොටල් කළමනාකාරිත්වය කිසිම තොරතුරක් ලබා නොදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.