-
CID නිලධාරියෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් කුඩු තොගය රස පරික්ෂකට ගෙනියන්න කියලා අරන් පැනල ලු!
මහාධිකරණ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ සුරක්ෂිතව තබා තිබූ රුපියල් කෝටි 24ක වීදි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක් අතුරු දහන් වී ඇතැයි වාර්තා වේ.
හෙළි වී ඇති පරිදි නඩු භාණ්ඩ වශයෙන් තිබුණු මෙම හෙරොයින් තොගය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් භාරගෙන ඇති බවය.
අනතුරුව මෙම හෙරොයින් තොගය අතුරුදහන් වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලෙස පෙනී සිටිමින් මෙම හෙරොයින් ප්‍රමාණය රැගෙන ගොස් ඇත්තේ තරිඳු යෝෂිත නැමැත්තෙක් බවත් අද අධිකරණයේ දී හෙළි වී තිබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
හෙරොයින් තොගය රැගෙන ගොස් ඇත්තේ තරිඳු යෝෂිත නැමැත්තා කවුද යන්න හෙළි කරගැනීම සඳහා වහාම විමර්ශනයක් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.







