කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර (අධ්‍යක්ෂ) නිසි ක්‍රමවේදයෙන් බැහැරව එම රෝහලේම හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයාට ලබා දීමේ සූදානමක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු පිරිසක් කටයුතු කරමින සිටින බව වාර්තාවේ.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුර මෙතෙක් කලක් හොබවන ලද්දේ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් වුවද දැනට පත්කිරීමට සූදානම්වන හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස විදේශ පුහුණුව ලබා නොමැති බව වාර්තාවේ.
කෙසේ නමුත් මෙම තනතුර සඳහා අයඳුම්පත් කැඳවිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ්අඩවිය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව බවත් එහිදී ලකුනු ක්‍රමයක් මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් මෙම තෝරා ගැනීම සිදුකරන බවද අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වාදේ.
මෙතෙක් කලක් පැවති එම නිසි ක්‍රමවේදයන් මගහරවා හොර පාරේන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර පිරවීමට එක්තරා කණ්ඩායමක් රහස් සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තාවේ.







