කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමිය තුල සෞඛ්‍ය නීති රීතී උල්ලංඝණය වන බැවින් එය තව දුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන් හෙට (22) දිනයේදී ලැබීමට නියමිත බව කොළම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සදහන් කළේය.
එම නිර්දේශයන්ට අනුව ප්‍රදර්ශනය තවදුරටත් පවත්වාගෙන යන්නේද? එසේත් නොමැති නම් පවත්වන කාලය කෙටිකරනවාද ? නැතහොත් වසා දමනවාද යන්න තීරණය හෙට දිනයේදී ප්‍රකාශ කළ හැකි බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් ප්‍රදර්ශන භූමියට ඇතුලු වන පිරිස මුඛආවරණ පැළද සිටියද සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයන බවත් එය කොවිඩ් වසංගතය පැතිර යන කාලයේදී ඉතා බරපතල තත්ත්වයන් ඇති කිරීමට හේතුවක් විය හැකි යැයිද වෛද්‍ය විජේමුණි මහතා සදහන් කළේය.
මේ වන තෙක් සමාජ තුලින් කොවිඩ් රෝගියෙකු වාර්තා වී නොමැති පසුබිමක අප ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයැයිද හෙතෙම පෙන්වාදේ.