නතාෂා නෙත්මිණි –
කොළඹ නගරයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවක සේවකයින් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බැවින් බස්නාහිර පළාතෙන් පිටවීමේ තහනම අද රාත්‍රියේ ඉවත් වීමත් සමග මොවුන් ගම්බිම්බලා පිටත්ව යන බවත් එයට ඉඩ ලබා නොදෙන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටියි.
ආසාදිත පුද්ගලයෙකු සිය ගම්බිම් බලා පිටත්ව ගියහොත් කොළඹ නගරයේ පවතින අවදානම් තත්ත්වයම ගම්වලත් ඇතිවන බව සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
කොරෝනා ආසාදිත පුද්ගලයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් කොළඹ නගරයේ රඳවා තබා ගන්නා ලෙසත් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සපයා දීම කෙරෙහි බලධාරීන්ගේ අවදානය යොමුවිය යුතු බවති හෙතෙම පෙන්වාදේ.