බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ඓතිහාසික සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කුඩු කරන්නට තීන්දුයි….

කොළඹට වටිනාකමක් දුන් නිසා මිනිස්සු ආදරය කළ ගෝඨාභයගේ සංවර්ධන සංකල්පයත් කුඩුපට්ටම් වී යයි...

by editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවුරුදු 150ක් පැරණි ඓතිහාසික ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්මාරකයක් ලෙස ගැසට් කර නෑ….

කොළඹ නගරයේ අතිශය වැදගත් ඓහාසික භූ සලකුණක් මෙන්ම වැදගත් වාස්තු උරුමයක් වූ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි වසර 150ක් පැරණි සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ විසූ ධනවත්ම ලාංකිකයා මෙන්ම ගෞරවණීය ධානපතියා ද වූ ශ්‍රීමත් චාල්ස් හෙන්ඩ්‍රි ද සොයිසා විසින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබිණි.


පුරාවිද්‍යාත්මක අතින් මෙන්ම වාස්තු විද්‍යාත්මක අතින් අතිශයින් වැදගත් වූ මෙම වාස්තු උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක් නොවීම නිසා එය කඩා ඉවත් කිරීම වෙනුවෙන් පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව බරපතල මැදිහත් වීමක් කළ නොහැකි තත්වයක් ඇති වී තිබේ.

අගමැතිවරයා යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත්   මෙම වාස්තු උරුමය මීට පෙර අවස්ථා ගණනක දී කඩා ඉවත් කිරීමට සූදානම් වුවද එහි ඇති වටිනාකම පහදා දී ආරක්ෂා කරගත හැකිව තිබුණු බවත් මීට වසර තුනකට පමන පෙර සිට මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැටසට් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සාධනීය ඉල්ලීම් එකක්වත් ඉටු නොවුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැක සහිත උදාසීනකම නිසා බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මෙම භූමිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ටාටා ඉදිකිරීම් සමාගමට පවරා තිබුණේ වත්මන් ජනාධිපතිවයා නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියාව සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී ය. මේ භූමියේ පිහිට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක්   යහපාලන ආණ්ඩුව වකවානුවේ දී එක් රැයකින් කඩා විනාශ කර දැම්මේය.

මෙම ව්‍යාපෘතියේ දේශීය උපදේශන ආයතනය ලෙස කටයුතු කරන ආයතනය විසින් මෙම පුරාණ ඉදිකිරීම්වල වැදගත්කම පිළිබද නිසි තක්සේරුවක් නොකිරීම, අවස්ථා ගණනාවක දී දැඩි ලෙස තර්ජනයට ලක් වූ මෙම පෞරාණික ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම මෙන්ම මේ වනවිට අගමැතිවරයා යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දීය කොන්ත්‍රාත් කරුවන්ට එය කඩා ඉවත් කිරීමට ඉඩ සලසා දීම නිසා මෙම අතීත ස්මාරකය මතකයක් පමණක් වීමට නියමිතව ඇත.

මෙම ගොඩනැගිල්ලේ වත්මන් හිමිකරුවන චාල්ස් හෙන්ඩ්‍රි ද සොයිසාගේ මුණුපුරු රනිල්ද සොයිසා වරක් අතිශය කම්පිත ස්වරයෙන් මාධ්‍ය අමතා කියා තිබුණේ මේ සිදුවන්නේ තමන්ට පුද්ගලිකව සිදුවන දෙයක් නොව රටටම සිදුවන ඛේදජනක පාඩුවක් බවය.

අවුරුදු 150ක් පැරණි ගොඩනැගිල්ල දේශපාලන හේතු මත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් නොවුණු බව පැවසූ ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ මෙය බ්‍රිතාන්‍ය ගොඩනැගිල්ලක් නොව, ශ්‍රේෂ්ඨ ලාංකිකයෙක් තමාගේ මුදලින් ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා එක්කෝටි තිස් අට ලක්ෂයක් රට තුළට ගෙනත්….

Next Post

කඩුගන්නාව නගරසභා සභාපති ගැන ගන්නා තීන්දුව වසන්ත යාපා බණ්ඩාර කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.