කොළඹ අඩු ආදායම් ලාභීන්ගේ අපේක්ෂිත ආයු කාලය 55යි.. 30ට වැඩි නම් එන්නත දෙන්න

70ට වැඩි අය හොයන්නත් නෑ... කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කමිටුවේ සභාපති කියයි...

slums-colombo

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොළඹ අඩුආදායම්ලාභී පුද්ගලයින් සිටින ප්‍රදේශයන් හී ජීවත් වන අයගේ ආයු අපේක්ෂා කාලය අවුරුදු 55ක් වන බැවින් එන්නත්කරණයේදී වයස් සීමාවන් අවුරුදු 30ට වැඩි සීමාව දක්වා ක්‍රියාත්මක කළ යුතුයැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කමිටුවේ සභාපති වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් සදහන් කරයි.

මේ වන විට වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණය ක්‍රියාත්මක වුවදා කොළඹ අඩු ආදයම් ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සිටින්නේ නම් එය ඉතා සුළු වශයෙන් යැයි වෛද්‍ය කාරියවසම් පෙන්වාදේ.

ආර්ථික ගැටලු, නිවාස ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ආහාර ප්‍රශ්න ආදී නොයෙකුත් ගැටලු හේතුවෙන් කොළඹ නාගරික අඩුආදායම්ලාභී පුද්ගලයින්ගේ ආයු අපේක්ෂා කළය අඩුවීම කාලයක සිටම පවතින ගැටලුවක් බව ඔහු පවසයි.

එන්නත් කරණයේදීද අඩු ආදාවම්ලාභී පුද්ගලයින් සිටින ප්‍රදේශයන් තෝරාගෙන එන්නත්කරණය ආරම්භ කරන්නේ නම් වයිරසය ව්‍යාප්තිය හැකි පමණ අවම කර ගත හැකි වනු ඇතැයි ද වෛද්‍ය කාරියවසම් සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට කොළඹ නගරයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ආසාදිතයින් අඩුවිමක්නොව සිදුකරන පීසීආර් පරික්ෂාවන්ගේ අඩුවීමක් බව වෛද්‍ය කාරියවසම් කියයි.

Exit mobile version