ලලිත් චාමින්ද –
රුපියල් කෝටි24ක පමණ වටිනාකමින් යුතු මත්කුඩු තොගයත් කොස්ගොඩ ටකරංවාඩිය ප්‍රදේශයේ විදුලිකණුවක් අසල සඟවා ති බියදී විශේෂකාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විදුලි කණුව අසල තිබි මත්කුඩු කිලෝ 23ක් හා ග්‍රැම් 155ක් විශේෂකාර්ය බලකා නිලධාරින් විසින් සොයාගෙන ඇත. කිලෝව බැගින් ඇසුරුම් කොට මෙම මත්කුඩු තොගය විදුලි කණුව අසල සඟවා තිබු බව පරික්ෂණවලදි අනාවරණය වී තිබේ. මෙම මත්කුඩු තොගය පාතාල කල්ලිනායක කොස්ගොඩ තාරක නැමැත්තාට අයත් බව සැලකෙන අතර මත්කුඩු තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදි ඇත.
විශේෂ කාර්ය බලකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරනට අනුව මත්කුඩු තොගය සොයගෙන තිබේ.