කොස්ගමග දී අද (06) අළුයම ත්‍රී රෝද රථයක් ඉලක්ක කරගෙන එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රථයේ ගමන් කරමින් සිටි මවක, දියණියක සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
කාන්තාවන් දෙදෙනා සමග වෙඩි පහරින් තුවාල ලද අනෙක් පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කොටහැර පොඩ්ඩා නැමැත්තෙක් බව පොලිසිය පවසයි.
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ දී මේ තිදෙනා වෙඩි පහරට ලක්ව ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරනා අතරතුරය.
මිලි මීටර 9 වර්ගයේ පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. ( ඡායාරූපය – බුද්ධික කුමාරසිරි/ලංකාදීප)







