කොවිඩ මරණ 62යි.. ඊයේත් කොවිඩ් මරණ වාර්තා කර නෑ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 62 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (11) තහවුරු කළේය. ඔහු යළිත් වාර්තා කරන්නේ ඊයේ (11) කොවිඩ් මරණ වාර්තා වී නැති බවය. මරණ සියල්ලම ප්‍රමාදව වාර්තා කරන මරණය.

කෙසේ වෙතත් ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ මරණ සංඛ්‍යාව 2073 ක් දක්වා ඉහළ ගියේය.

යළිත් මරණ වාර්තා කිරීම මැයි මස දෙවන සතිය තරම් ඈතට යන්නේය. මැයි 08 සිට ජූනි 10 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ. එම මරණ කොටස් දෙකකට මරණ වාර්තා කරන්නේය. මැයි මස 08 සිට මැයි මස 31 දක්වා මරණ 07ක් සහ ජූනි 01 සිට ජූනි 10 දක්වා මරණ 55ක් ලෙසිනි.

වාර්තා කරන මරණ අතර කාන්තාවන් 27ක් සහ පිරිමි අය 35 දෙනෙක් මිය ගිය අය අතර වෙති.

මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version