රට කුමන තීරණයක් ගත්තත් තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න

රටක් ලෙස කවර පියවරක් ගත්තද කොවිඩ් වසංගතයේ පවතින බැරෑරුම් තත්ත්වය අප තනි පුද්ගලයන් වශයෙන් සංචරණ සීමා දැඩි සේ අනුගමනය කිරීමත් ඒ මගින් ස්වයං රැකවරණයක් සලසා ගැනීමත් මේ මොහොතේ ඉතාම වැදගත් වනු ඇති බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශෙෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අද පැවසීය.

එමෙන්ම සමූහයක් ගැවසෙන ස්ථානවල මුව ආවරණ පැලඳීම අනිවාර්ය බවත් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මුව ආවරණය නොමැති ව තත්ත්පර හයක කාලයක් සිටියද කෙනකුට ආසාදනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයින් විසින් කරන ලද අනාවරණය පිළිබඳව අප දැඩි සේ අවදානය මෙු කළ යුතු බවත් වෛද්‍ය සුමනතිලක තවදුරටත් සඳහන් කළේ ඊයේ (13) සවස පැවති මාධ්‍ය හමුවකදීය.

“ අපි දැන ගන්න ඕන අද පවතින අති බැරෑරැම් තත්ත්වය. පසුගිය සතියට සාපේක්ෂව මරණ සියයට 48ක් වැඩිවෙලා. රෝගීන් සියයට 30ක් වැඩි වෙලා. මරණ දිනකට 150කට වැඩි තත්ත්වයකට අද රට ඇවිත්. එය හොදින් වටහා ගත යුතුයි.


මේ ත්ත්වය මත රටක් ලෙස ගන්න පියවර කුමක් වුවත් අපට තනි පුද්ගයන් වශයෙන් සංචරණ සීමාවලට පුළුවන් ස්වයං රැකවරණයක් ලබා ගන්න.පුළුවන්. මෙම ත්ත්තවය තුල කාර්යාලවලට යන උදවිය විශේෂ ආරක්ෂාවක් සලසා ගත යුතුයි. කාර්යාලය හෝ වෙනත් ආවරණය කළ තැනක සිටී නම් කිසිදු අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්න ඉවත් කරන් එපා. එමෙන්ම කොවිඩ් ආසාදිතව නිවසේ ස්වයං නිරෝධායනය වන පුද්ගලයන්ට හැපී හයිපොක්සියා නම් ත්තත්වයකට පත්වීමේ ඉඩක් තිබෙනවා.

එනම් රෝග ලක්ෂණ නැති ආකාරයක් පෙන්නුවද රෝගියා ඒ මත මහන්සි වී වැඩ කටයුතුවල නිරත වුවහොත් එක පාරට රෝග ලක්ෂණ එන්න පුළුවන්. ශ්වසන ආබාධ එන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට රෝග ලක්ෂන නෑ කියා මහන්සි වීම සුදුසු නෑ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනෙක එන්නත කිසිසේත් මඟ හරින්න එපා. මේ වනවිට ලබා දෙන එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි.

Exit mobile version