කොවිඩ්-19 වසංගතයෙන් දිනක් තුළ වැඩිම මරණ ඉන්දියාවෙන් වාර්තා වෙයි

කොවිඩ්-19 ගෝලීය වසංගතයට ගොදුරු වී දිනක් තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඒ, ආසාදිතයන් 2006 කට ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. එක්දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

ගතවූ දිනය තුළ ඉන්දියාවේ ආසාදිතයන් 11,135ක් වාර්තා කර තිබේ.


එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000ට අධික වේ.

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 12,000 කට ආසන්න වී තිබේ.

මේ වනවිට ඉන්දියාවේ ඇතැම් ලොක්ඩවුන් සීමා ලිහිල් කර තිබේ.

මේ වනවිට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින බැවින් දුම්රිය මැදිරි 500ක ඇඳන් දමා ප්‍රතිකාර සඳහා සුදුසු පරිදි සූදානම් කර ඇත.

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 82ක් ඉක්මවා තිබේ.

445,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෝලීය වසංගතයෙන් රෝගී වී සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ 42කට අධිකය.

Exit mobile version