කොවිඩ් 19 මිදෙන්න හොඳම ප්‍රවාහන මාධ්‍යය පාපැදි ලු

cycling Jaffna

කොවිඩ් 19 වෛරසයෙන් මිදී සිටීමට ඇති හොඳම ප්‍රවාහන මාධ්‍යය පා පැදිය බැවින් රාජකාරි සඳහා යන පුද්ගලයින්ට සහනාදායී ක්‍රමයක් යටතේ පා පැදි ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි වෛද්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

දැනට ක්‍රියාත්මකවන ප්‍රවාහන මාධ්‍යය තුළ නියමිත දුරකින් පුද්ගලයන් ප්‍රවාහනය කළ නොහැකි වුවහොත් කොවිඩ් 19 වෛරසය යළි ව්‍යාප්ත විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව රැකියා කාර යෑමේ දී  පා පාදි භාවිත කළ හැකි නම් එය කොවිඩ් 19 වෛරසයේ  ව්‍යාප්තිය පාලනය කරන ප්‍රවාහන මාධ්‍යය ලෙස  ක්‍රියිකරන බව එම වෛද්‍යවරු පවසති. පා පැදිය භාවිතයෙන් පුද්ගලයන්ට හොඳ  ව්‍යායාමයක් ලැබෙන බවත් එය බෝ නොවන රෝග පාලනය සඳහා වැදගත් බවත් ඔවුහු පෙන්වා දෙති.


Exit mobile version