කොවිඩ් හමුවේ දිවි පරදු කළ බස්නාහිර සුව සේවකයෝ හෙට විරෝධයක

 අතිකාල නෑ... දොස්තරවරු 2500ක් සෞඛ්‍යය සේවකයින් 10 000ක් කලු පටි බඳිති

ශ්‍රියානි විජේසිංහ –                                     

කොවිඩ් 19 වසංගතය හමුවේ සේවයේ නියූතු වූ බස්නාහිර පළාතේ සියලුම සෞඛ්‍ය ආයතනවල සේවයින්ට ගෙවිය යුතු දීමනා නොගෙවීමට විරෝධය පළ කරමින් හෙට (16) බස්නාහිර පළාතේ සියලුම රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතවල සේවකයින් කලුපටි බැද විරෝධය දැක්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගතය පැතිර පවතින කාලය තුළ තම ජීවිතය ගැන හෝ නොතකා   සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කැප වූ සේවකයින්ට ගෙවිය යුතු දීමනාවන් ගෙවන මෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවයාට හා සෞඛ්‍යය ඇමතිනියට දැනුම් දුන් නමුත් මේ වන තෙක් නිසි විසඳුමක් නොලැබුණු බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

මෙම දීමනාවන් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාත තුළ වෛද්‍යවරුන් 2500ක පිරිසක්ද  අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දසදහසක පිරිසක්ද සිටින බව අගමැතිවරයා ඇතුලු වගකිවයුතු පාර්ශ්ව වෙත දැනුම් දුන් බවද හෙතෙම පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළාත් සභාව මගින් පාලනය වන සෞඛ්‍ය සේවා ආයතනවලට අවශ්‍ය ප්‍රතිපාදන පළාත් සභා සතුව නොමැති නම් එම ආයතන මධ්‍යම රජයට පවරා ගෙන සාධාරණය ඉටුකරන්නැයි ද සංගමය ඉල්ලා සිටියි.

Exit mobile version