කොවිඩ් වයිරසයෙන් ගැලවීම සදහා හුමාලය ඇල්ලීමට යාම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතවන පිරිසේ සැලකියයුතු ඉහළ යාමක් දක්නට ලැබෙන බව ගාල්ල කරාපිටිය රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිශ් විජේමාන සදහන් කරයි,
බොහෝ වැඩිහිටියන් උතුරන ජලය දරුවන්ට හුමාලය ඇල්ලීම සඳහා ලබා දීමේදී ඉතා නොසැලකිලිමත් ආකාරයට එය දරුවන්ට ලබා දීම හේතුවෙන් මෙසේ පිළිසුම් සිදුවීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ඔහු සදහන් කරයි.
කිසියම් පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යා ගතිය මගහරවා ගැනීම සදහා උණු ජලයෙන් හුමාලය ඇල්ලීම සිදු කරන්නේ නම් ඉතා සැලකිලිමත්ව භාවිත කිරිම ට වගබලා ගන්නා ලෙස විශේෂඥවරයා ඉල්ලා සිටියි.
කිසියම් පුද්ගයෙකු පිලිස්සුම් තුවාල ලබන්නේ නම් එම පුද්ගලයාව රෝහල් ගත කිරීමට පෙර විනාඩි 20ක කාලයක් ගලායන පිරිසිදු ඇල් දියට පිළිස්සුණු ස්ථානය හොදින් තෙමීමට ලක්කිරීමෙන් පිළිස්සීමෙන් ශරීරයට උරා ගන්නා තාපය පිටකිරිමක් සිදුවෙන බැවින් පිළිස්සුණු ස්ථානය ඉක්මනින් සුව කර ගැනීමට හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.