කොවිඩ් වෛරසයට ගොදුරු වන ජන අනුපාතයේ ශීඝ්‍ර වැඩිවීමක් – ගම්පහ- කළුතර- කොළඹ- කුරුණෑගල ඉහළ අගයක

stop covid

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (07) සකස් කරන ලද තත්ත්ව වාර්තාවට අනුව රටේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ පුද්ගලයන් මිලියනයකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස වැඩිව තිබේ.

මීට සති දෙකකට පෙර ලබා ගත් දත්තවලට වඩා පසුගිය සතියේ අගයයන් වැඩි වී ඇති අතර ඊයේ (08) පෙරවරු 10න් ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේද පැහැදිළි වර්ධනයක් පවතින බව එම සංඛ්‍යලේඛන තහවුරු කරයි.

ජනගහන ඝනත්වය සහ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී මීට සති දෙකකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වී ඇත්තේ මිලියනයනට 164.38ක් ලෙසය. එය පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 222.57ක් වී ඇති අතර ඊයේ වනවිට ගම්පහ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මිලියනකට 235.7ක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.


ජන ඝනත්වය සැලකීමේදී වැඩිම වර්ධනයක් පෙන්වන දිස්ත්‍රික්කයක් වන්නේ කළුතරයි. කළුතර සති දෙකකට පෙර මිලියනයකට 118.8ක් රෝගීන් වාර්තා වුවද පසුගිය සතිය වනවිට එය මිලියනයකට 195.7ක් දක්වා වර්ධනය වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ වනවිට රෝගීන් අනුපාතය පුද්ගගලයන් මිලියනකට 275ක් දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ දිස්ත්‍රික්කයේද රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ පෙරවරු 10න් අවසන් පැය විසිහතර තුළ පුද්ගලයන් මිලියනයක රෝගීන් 209ක අනුපාතියකින් ආසාදිතයන් වාර්තා වී ඇත.

මෙම අගය මීට දෙසතියකට පෙර රෝගීන් මිලියනයකට 165.34ක් වූ අතර පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 288ක් දක්වා ඉහළ ගියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේද පසුගිය සති දෙකකට පෙර රෝගීන් වාර්තා වූයේ මිලියනයකට 23.8ක් ලෙසිනි. එසේ වුවද එය පසුගිය සතිය වනවිට 47.8ක් දක්වාද පසුගිය පැය 24 වනවිට සියයට 81.7ක් දක්වා ද ඉහළ ගොස් ඇත. මාතර දෙසතියකට පෙර පුද්ගලයන් මිලියනකට රෝගීන් 63.9ක් වූ අනුපාතය පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 65.5 ලෙසත් ඊයේට ගෙවුණු පැය 24 තුළ එම අනුපැත අගය 128.8ක් ලෙස ඉහළ අගයකට පැමිණ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අම්පාර වව්නියාව සහ පොළොන්නරුව හැරෙන්නට සෑම දිස්ත්‍රික්කයකම දෙසතියකට පෙර රෝගී අනුපාත සහ මෙම සතියේ රෝගී අනුපාත අතර සැලකිය යුත වර්ධනයක් පෙන්නුම් කරයි.

Exit mobile version