කොවිඩ් වැළඳී එකම පවුලේ තිදෙනෙක් මිය යෑම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වයිරසය ආසාදනය වී පේරාදෙණිය ප්‍රදේශයේ මියගිය එකම පවුලේ මව, පියා සහ පුතා පිලිබඳව පරික්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය‌ තීරණය කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මොවුන් තිදෙනා මිය ගියේ කොවිඩ් ආසාදනය වී බවට තොරුතුරු අනාවරණය වී ඇතත් මේ පිලිබඳව තවදුරටත් පරික්ෂණය කිරීම අවශ්‍ය තොරතුරු හා දත්ත වාර්තාවන් රැස්කරමින් සිටින බව ද වෛද්‍ය හේමන්ත පැවසීය.

කෙසේ නමුත් මෙම පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තෙක් මෙම මරණ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි යැයිද හෙතෙම සඳහන් කළේය.

Exit mobile version