කොවිඩ් වෛරසයට අමතරව තවත් ඊට සමාන වෛරසයක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවා තිබේ.
එම සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ වන විට රට තුළ වෛරස් ගණනාවක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
කොවිඩ්-19 සමඟම එවැනිම වෛරසයක් ද පැතිර යන බව ප්‍රකාශ කළ ඔහු අනෙක් අතට ඩෙංගු වයිරසයේ ආසාදනයන් ද ඉහළ යමින් පවතින බව පැවසීය.
නව වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ රට බරපතළ තත්ත්වයකට ගමන් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, ඔමික්‍රොන් ප්‍රභේදය හෝ කොවිඩ් වෛරසයේ වෙනත් ඕනෑම නව ප්‍රභේදයකට මුහුණ දීම සඳහා ගත යුතු වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වේ.
විශේෂඥ වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ විවිධ ක්ෂේත්රවල සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම වාර්තාව සකස් කිරීමට නියමිතව ඇත.







