කීර්ති ප්‍රනාන්දු –
වර්ෂ 2017 සිට කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අනන්‍යතාවය තහවුර කර නොගත් මෘතශරීර 40ක් අධිකරණ නියෝග මත භූමදාන කිරීමට පෙර කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වීමට නියමිතය.
යළිත් මෙම මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන්නේ පුරා වසර හතරක් තිස්සේ එක් වී තිබුණු මෙම මළ සිරුරු භූමදාන කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දී ඇත.
ජාතික රෝහලේ මෘතශරීරාගාරය තුළ මෘත දේහ තැන්පත් කිරීමට ඇති බහලුම් 58න් 40කම තිබී ඇත්තේ වසර හතරක සිට එකතු වුණු මෙම හඳුනා නොගත් මළ සිරුරුය.
කොවිඩ් වසංගතය හමුවේ ඉහළ යන මරණ සංඛ්‍යාව නිසා මෘත ශරීරාගාර ධාරිතාව ඉක්ම ගොස් ඇති බවත්, මෙම මළසිරුරු 40 සමග මළසිරුරු 77ක් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් ඉන් මරණ 21ක් කොවිඩ් ආසාදිතයන්ගේ බවත් අධිකරණයේ දී අනාවරණය වී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටිමින් හඳුනා නොගත් මළ සිරුරු 40ට වෙන් වෙන්ව ඩී.එන්.ඒ පරීක්ෂණ හා ඇඟිලි සලකුණු ලබා ගැනීමෙන් පසු මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමදාන කිරීමට අවසර ලබා දී තිබේ.
එහිදී සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා දී ඇත.