කීර්ති ප්‍රනාන්දු –
දික්වැල්ල පොලිස් වසමේ කෝන්දෙනිය ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයෙකුගේ නිවසේ රාජාකාරි කටයුතු සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 02ක් නිවැසියන්ගේ පහර කෑමකට ලක් වී තිබේ.
පහරකෑමට ලක්ව ඇත්තේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රාජකාරී කරන නිලධාරීන් දෙදෙනෙකි.
එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයින් දෙදෙනා ඉකුත් 13 වනදා අදාළ නිවසට ගිය අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.