කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පිරෙයි.. හෙට සිට කොවිඩ් ආසාදිත හිමිවරු ආවාස ගෙවල් තුළ

නිවෙස්වල රඳවා කරන කොවඩ් ප්‍රතිකාර නුවර නෑ... සියලුම රෝහල් අතරමැදි මධ්‍යස්ථාන පිරී ගිහින්...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර වැව රවුමේ ඩෙවෝන් හෝටලයේ ස්ථාපිත කළ අතරමැදි කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිරී යෑම නිසා මෙතැන් සිට කොවිඩ් ආසාදිතවන භික්ෂූන්වහන්සේලා ආවාස ගෙවල් තුළම රඳවා නිරොධායනය කර ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

මෙතැන් සිට කොවිඩ් ආසාදිත බව තහවුරු වන භික්ෂූන්වහන්සේ අදාල පන්සල් තුළ ආවසයන්හිම නවත්වා නිරෝධායනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් බලධාරීන් කටයුතු කරමින් සිටී.

මේ වනතුරුත් කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා නිරෝධායනය කිරීමේ කටයුතු නුවර දිස්ත්‍රික්කය තුළ ආරම්භ වී නැති බැවින් එම ක්‍රියාවලිය සංඝයා වහන්සේ මුල් කරගෙන සිදුවීමට නියමිතය.

කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ තබා කරන නිරෝධායන කටයුතු නොකිරීම නිසා නුවර පවතින සියලුම රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි වාර්තා වේ.

නිවෙස්තුළ කෙරෙන ප්‍රතිකාර ක්‍රමය නුවර පමණ ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කළ විමසීමේ දී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් දැනුම්වත් කිරීම සහ පුහුණු කිරීම අරඹා ඇති බවත් එම ක්‍රියාවලිය අවසන් වන ලබන සතියේ මැද භාගයේ සිට නිවෙස් තුළ නිරෝධායනය සහ ප්‍රතිකාර කිරීම් ආරම්භ කරන බවත්ය.

Exit mobile version