දිනසේන රතුගමගේ –
යාපනය හෙදි විදුහලේ ඉගෙණුම ලබන හෙදි සිසු සිසුවියන් 27 කට කොරෝනා රෝගය වැළදීමත් සමගම 31 දා යාපනය හෙදි විදුහල වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.
රෝගී සිසුන් ඇසුරු කළ තවත් 69 දෙනෙකු හෙදි විදුහල තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති අතර අනෙක් සිසුන්ට නිවාඩු ලබා දී ඔවුන්ව ඔවුන්ගේ ගම් පළාත් වලට යවා තිබේ.
යාපනය හෙදි විදුහල යළි විවෘත කෙරෙන දිනයක් ප්‍රකාශයට පත් කොට නොමැති අතර නිරෝධායනයට ලක් කොට සිටින සිසු සිසුවියන් පිරිස දින දහයකට පසුව ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බව යාපනය හෙදි විදුහලේ පාලකවරිය ප්‍රකාශ කළාය.