කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන අවසන් කළ තවත්18 හැවිරිදි පාසල් සිසුවෙක් අද අලුයම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගියේය
මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත පදිංචි ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ ඉගනුම ලබන දුමිඳු දේශාන්ත නම් සිසුවෙකි. ඔහු මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.
මියගිය සිසුවා ඇතුළු පවුලේ සියලුම දෙනා කොවිඩ් ආසාදිතව සිට ඇත.
ඔවුන්ගේ නිරෝධායනය ඉකුත් සඳුදා (25) අවසන් වී ඇත. මේ අතර ඊයේ (25) රාත්‍රිෙය් පවුලේ සියලුම දෙනා රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් තිබේ.
මිය ගිය සිසුවා නිදා ගනු ලබන්නේ පියා සමගය. අද (26) අළුයම 2ට පමණ පියා අවදි වී තම ඇඳේ නිදා සිටින දරුවා අතගා ඇති අතර එහිදී ඔහු නින්දේ දීම මිය ගොස් ඇති බව දැනගෙන ඇත.
මෙම තරුණ සිසුවාගේ අවසන් කටයුතු අද නිරෝධායන ක්‍රමවේදයට අනුව සිදුකිරීමට නියමිතය.