දිනසේන රතුගමගේ
කොරෝනා රෝගය දුරුවන ලෙස ඉල්ලා යාපනයේ පිහිටි ඉන්දීය කොන්සෝල් කාර්යාලය විසින් යාපනයේ හින්දු කෝවිල් දෙකක විශේෂ ආශිර්වාද පූජා දෙකක් ඊයේ ( 8 ) දා පවත්වනු ලැබීය.
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස්.බාලචන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් උආපනයේ මාවිත්තපුරම් කන්දසාමී කෝවිලේ සහ කීරිමලෙයි නගුලේස්වරන් කෝවිලේදී පවත්වන ලද මෙම ආශිර්වාද පූජා දෙකට යාපනයේ දෙමළ දේශපාලනඥයින් රැසක් ඔවුන්ගේ පක්ෂවල භේද නොසලකා සහභාගී වූහ.