කොවිඩ් කුලල්ගා ගැනීම් අතරේ  අප්‍රිකානු වෛරසය ආවොත් වෙන දේ පී.එච්.අයි ලා කියති!

C.1.2 VERIYANT

කොවිඩ් මර්ධන ක්‍රියාවලිය අවාසනාවන්ත ලෙස අකාර්යක්ෂම වෙමින් පවතින අවස්ථාවක  අප්‍රිකා‌වේ පැතිර යන C,1,2 වයිරසය මෙරට පැතිර ගියහොත් ඩෙල්ටා ප්‍රභේදය සිදුකළ හා සිදුකරමින් පවතින ව්‍යයසනයකට වඩා තුන් හතරගුණයක ව්‍යසනයක් මෙරට ඇතිකිරිම වැලැක්විය නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රියාත්මකව පැවතීම හමුවේ ගුවන්තොටුපල විවෘත වීම හේතුවෙන් මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමත් සමග විදේශයන්ගේ ව්‍යාප්ත වන  කොවිඩ් වරයිරසයන් මෙරටට ඇතුළු වීම පාලනය කර ගත නොහැකි යැයිද සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා පෙන්වාදේ.

ඩෙල්ටා වයිරසය මෙරටින් හදුනා ගැනීමත් සමග ඒ පිලිබදව අප සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම දැනුවත් කල නමුත් ඔවුන් තීන්දු තීරණයන් ගනු ලැබුවේ බිම්මට්ටමේ පවතින ගැටලු හදුනාගෙන නොවන බැවින් මෙවැනි ව්‍යසනයක් රටපුරා පැතිර ගිය බවත් ඉදිරියටද සෞඛ්‍ය අමාත්‍යංශයේ තීන්දු තීරණයන්ගේ වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයිද  සභාපතිවරයා කියයි. 


“ මේ වන විට කොවිඩ් 19 පාලනය සදහා ක්‍රියාත්මක වූ  අන්තර්පාර්ශ්වීය සහයෝගය සම්පුර්ණයෙන්ම බිඳී ගිිහින්…  සමහර  ප්‍රාදේශීය කොවිඩ් කමිටු දිස්ත්‍රික් කොවිඩ් කමිටු  මාස ගණනාවකි රැස්වී නෑ…  රැස්ව ඇත්තේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පමණයි… මේ වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල,  ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අතර ගැටුම් නිර්මාණය වී තිබෙනවා.  මෙය  කොවිඩ් මර්ධන කටයුතු සඳහා ඉතා  අවාසනාවන්ත ලෙස   බලපාලා තියෙන්නේ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපුල් රෝහණ කීවේය.

Exit mobile version