කොවිඩ් එන්නත සංකූලතා සහිත 35ට වැඩි ගැබිණි මව්වරුන්ට පමණයි…

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියයි...

Pregnant-covid-vaccine_featured

සංකූලතාවන් පවතින සහ වයස අවුරුදු 35ට වැඩි ගර්භනී මව්වරුන්ට පමණක් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළාය.

සංකූලතාවන් පවතින මව්වරුන්ට හා වයස අවුරුදු 35 ඉක්ම ගිය මව්වරුන්ට වයිරසය ආසාදනය වුවහොත් ඔවුන්ගේ සංකූලතාවන් වැඩිවී ජීවිත තර්ජනයන් සිදුවිය හැකි බැවින් එය වලක්වා ගැනීමේ අරමුණ ඇතිව කොවිඩ් එන්නත ලබා දුන්නද අනෙකුත් කිසිදු මවකට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බව ඇය සඳහන් කරයි.

මෙම වසංගතය හා එන්නත ලෝකයට අලුත් බැවින් ඒවායේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවන්නේද යන්න පිලිබඳව තවමත් නිවැරදි අවබෝධයක් කිසිවෙකුටත් නොමැති බවද ඇය අවධාරණය කළාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌මේ වන විට දිවයිනපුරා පිහිටි සියලුම මාතෘ සායනයන්ගෙන් අදාල එන්නත අවදානම් ගැබිනි මව්වරුන්ට ලබා දීම ආරම්භ කර ඇතැයි ස ඇය පැවසුවාය.

Exit mobile version