ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව එනම් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීම අප්‍රියෙල් මස 19 වනදා සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අද පාර්ලිමේන්තුවේදී ඇය මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ ඒ සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන් කර තබා ඇති බවයි.
එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ පළමු අදියර ලබන 19 වනදා සිට ජූනි 30 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර මුලින්ම ලබා දුන් අවදානම් පළමුපෙළ සිටින සෞඛ්‍ය සේවකයන්ට සහ ආරක්ෂක සාමාජිකයන්ට මුලින්ම දෙවන මාත්‍රාව ලැබීමට නියමිතය.