කොවිඩ් එන්නත මගින් ලිංගික ශක්තිය හීනවීම, දරුපල අහිමිවීම, වැනි අසත්‍ය තොරතුරු සමාජ ගතවීම හේතුවෙන් කොළඹ නගරයේ තරුණ තරුණියන් කොවිඩ් එන්නත ලබා ගැනීම කෙරෙහි දක්වන සැලකිල්ල ඉතාමත් අල්ප බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි සඳහන් කරයි.
කොළඹ නගරයේ තරුණ ජනහනය 97000 ක් බවට ඇස්තමේන්තු ගත කර ඇතත් මේ වන විට එන්නත ලබා ගැනීමට ඉදිරිපත් විඇත්තේ 30000ටත් අඩු පිරිසක් යැයිද ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.
එන්නත් ලබා දීම ආරම්භ කළ අවස්ථාවේ දී කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා කොළඹ නගරයේ තරුණ තරුණියන් දැඩි උත්සාහයක් ගත්තද එන්නත ලබා දීම සක්‍රීයව දියත් කරද්දී එම උත්සහය දක්නට නොලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
පිරිස් ඒකරාශීවන සෑම ස්ථානයකදීම එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් කාඩ්පත අනිවාර්යය බැවින් ද සමාජයේ මෙන්ම තමාගේ ද සෞඛ්‍ය තත්වය ගැන කල්පනා කර කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි වෛද්‍ය විජේමුණි කොළඹ නගරයේ තරුණ ප්‍රජාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි.