ශ්‍රියානි විජේසිංහ
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ දරුවන්ට ප්‍රතිකාර කළ හැකි ඒකකයක් රිජ්වේ ආර්යා ළමා රෝහල තුල හෙට (1) විවෘත කරන බව රෝහල් අධ්‍යක්ෂ ජේ.විජේසූරිය මහතා සදහන් කරයි.
නාවික හමුදාවේ ශ්‍රමදායකත්වෙයෙන් සහ යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම ඒකකය නිමවා ඇත.
මේ අනුව ඉදිරියේදී බෝවන සියලුම රෝගයන්ට ගොදුරුවන දරුවන්ව රදවා ප්‍රතිකාර කිරීමට හැකිවන බව ද හෙතෙම පැවසීය.
රදවා ප්‍රතිකාර කළ හැකි ඒකකය ඇදවල් 8කින් සමන්විත වන අතර බෝවන රෝගයකදී දරුවන් අට දෙනෙකුට ප්‍රතිකාර ලබා දිය හැකි වන බවත් මේ හේතුවෙන් නේවාසිකව සිටින අනෙකුත් දරුවන්ට රෝගය බෝවීමෙන් වලක්වා ගත හැකිවන බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කළ වෙන්කර ප්‍රතිකාර කිරීමේ ඒකකය (අයිසියුලේෂණ) හෙට (1) විවෘත කරන බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා සදහන් කරයි.
නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සහ යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මෙම ඒකකය ඉදිකර ඇත.
මෙසේ හෙට විවෘත වන වෙන්කර ප්‍රතිකාර ඒකකය කාමර 8කින් සමන්විත අතර ඉදිරියේදී බෝවන රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ව වෙන්කර ප්‍රතිකාර කිරීමය