කොවිඩ් ආසාදිත තවත් ගැබිනි මවක් නිවුන් දරුවන් බිහිකර මිය යයි…

covid

දිනසේන රතුගමගේ –

යාපනය ශීක්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කොට මියගිය  මවට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු විමෙන් පසුව ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී අද (12) දා ආදාහනය කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අජන්තාන් ඉනියා නමැති මෙම තරුණ ගැබිනි මව දරු ප්‍රසූතිය සඳහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.

එහිදි ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමෙන් පසුව    හුස්ම ගැනීමේ අපහසුවක් නිසා  යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදු කල පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.  දින දෙකකට පසුව ඇය මියගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය බිහිකළ දරුවන් දෙදෙනා මනා  සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර බිළිදුන් දෙදෙනාට  කොරෝනා රෝගය වැළදී ඇත්දැයි යන්න පිළිබදව යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version