නතාෂා සෙව්මිණි –
කොවිඩ් 19 වෛරසය සහ ඩෙංගු වෛරසය එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් එවැනි රෝගීන්ව අයිඩීඑච් උණ රෝහලේ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස මෙම ඒකකය පැවතිය බවද අධ්‍යක්ෂවරයා සඳහන්කළ අතර කොවිඩ් වෛරසය ආසාදනය වුවද රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වෙනත් රෝහල් වෙත මාරුකර හරින බැවින් රෝහල තුළ විශාල තදබදයක් ඇති නොවන බව ද පැවසීය.
මෝසම් වර්ෂාවත් සමග ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වර්ධනය විය හැකි බැවින් මදුරුවන් බෝවන ස්ථානයන් පිරිසිදු කර ගන්නැයිද අධ්‍යකෂවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.