කීර්ති ප්‍රනාන්දු –
පූගොඩ ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරියක් කොවිඩ් ආසාදිතව නිවස තුළම මියගොස් සිටිය දී අද (03) සොයාගෙන ඇති බව පූගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මිය ගොස් ඇත්තේ අවිවාහක අක්කා සහ මල්ලී ය. මල්ලීට වයස අවුරුදු 38කි. අක්කාට වයස අවුරුදු 43කි. මල්ලී ත්‍රී රෝද රථ රියදුරෙක් සේ රැකියාව කර ඇත. අක්කා ඇඟලුම් කම්හල් සේවිකාවකි.
මෙම දෙදෙනාම උදරයේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඊයේ (02) ප්‍රතිකාර ලබාගෙන නින්දට ගොස් තිබේ.
අද උදෑසන මේ දෙදෙනාගේ නිවසට පැමිණි ඔවුනගේ ඥාතියෙක් දැක ඇත්තේ ඔවුන් නිවස තුළ මියගොස් සිටි ආකාරයය.
පසුව එම ඥාතියා විසින් මේ සම්බන්ධව වහාම පූගොඩ පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීවරයාට දැනුම් දී තිබේ.
මියගිය අය පිළිබඳව වතුපිටිවල රෝහලේ දී කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක දී ඔවුන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත.