කොවිඩ් ආසාදිතව මිය ගිය කාන්තාව විසූ පෙරිය උළුක්කුලම හුදකලා කෙරේ..

දිනසේන රතුගමගේ –

කොරෝනා රෝගය වැළදී කාන්තාවක් මියයාමත් සමගම වවුනියාවේ පෙරිය උළුක්කුලම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් අද ( 27 ) උදෑසන කටයුතු කොට තිබේ.

ඒ අනුව එම ගම්මානයට ඇතුළු වීමට නොහැකි අන්දමට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

කොරෝනා රෝගය වැළදුණු 60හැවිරිදි කාන්තාව වවුනියාව මහ රෝහලේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළදුණු බව සනාථ වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව එම කාන්තාව කොරෝනා රෝගය සදහා ප්‍රතිකාර ලබා දීමට අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යැවීමෙන් පසුව 26 දා සවස මිය ගියාය.

Exit mobile version