කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පුද්ගලයින් සිවු දෙනෙක් ඔවුන් නැවතී සිටි බෝඩිමෙන් පන්නා දැමීම නිසා යන එන මං නොමැතිව ගම්පහ තානායම අසල රැඳී සිටි ඉන් දෙදෙනෙක් අද සවස ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙසේ හමුවූ පුද්ගලයින් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මින් ඉතිරි පුද්ගලයන් දෙදෙනා ගැන කිසිදු ආරංචියක් නැතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.
ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවාතැනක නැවතී සිටි මෙම පුද්ගලයින් සිදු දෙනා ප්‍රධානපෙළේ මූල්‍ය සමාගමක සේවයකන් බව වර්තා වේ.
දැනට හමුවී ඇති පුද්ගලයින් දෙදෙනා ඔවුන්ට අයත් කාර් රථයෙන් හා ත්‍රී රෝද රථයෙන් පැමිණ ගම්පහ තානායම අසල රැඳී සිට ඇත. මේ තොරතුර ලද සෞඛ්‍ය නිලධාරීන් ආසාදිත පුද්ගලයින් දෙදෙනා රෝහල්ගතකර ඔවුන්ගේ වාහන දෙක නගරසභා රථගාලේ සුරැකිව නවත්වා තිබේ.
වගකීම් රහිතව මෙම රෝගීන් පළවාහල නවාතැන්පල හිමිකරු සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට ද සැලසුම් කර ඇත.