කොවිඩ් අරමුදලට කෝටියක් දුන් උතුරේ පින්වතා සෞඛ්‍ය නිලධාරීන් 360කට දිරි දීමනාවක් බෙදයි!

දිනසේන රතුගමගේ –

කොවිඩ් අරමුදල සඳහා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කළ යාපනයේ ව්‍යාපාරිකයා විසින් යාපනයේ සෞඛ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයකට ඊයේ (31)  දිරි දීමනා ප්‍රදානය කරනු ලැබීය.

වාමදේවන් ත්‍යාගේන්ද්‍රන් නැමති මෙම ව්‍යාපාරිකයා විසින්  ත්‍යාගී පදනම නමින් පුණ්‍යායතනයක් පවත්වා ගෙන යන අතර ඔහු යාපනයේ  සෞඛ්‍ය සේවා කටයුතු වල නිරතව සිටින නිලධාරීන්ගේ සේවය ඇගයිම පිණිසත් ඔවුන්ව දිරිමත් කිරීම පිණිසත් සෞඛ්‍ය නිලධාරීන් 360 දෙනෙකුට  මුදල් ආධාර පිරිනමන ලදී.

මෙම අවස්ථාව යාපනය 512 ආරක්ෂක සේනාංක මුලස්ථානයේදී සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු  ඇතුලු තවත් කීප දෙනෙකු සහභාගී වී සිටියහ. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර  ව්‍යාපාරික ත්‍යාගේන්ද්‍රන් විසින්  යාපනය ආරක්ෂක සේනාංක ආඥාපතිවරයා හරහා යුද හමුදාපතිවරයාට බාර දෙන ලද රුපියල් කෝටියක මුදලක් යුද හමුදාපතිවරයා විසින්  කොරෝනා අරමුදල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වෙත බාර දී තිබුණි.

Exit mobile version