දිනසේන රතුගමගේ
සංචරණ නීති හා නිරෝධායන නීති ක්‍රියාත්ම වන කාලයේදී මුලතිව් උප්පමාවෙලී ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැලි තලාවේ කොටසක් එක් පූජකවරයෙකු විසින් කම්බි ගසා වැටවල් බැඳගෙන වෙන් කර ගෙන ඇතැයි මුලතිව් ආරක්ෂක නිලධාරීන් පිරිසක් අද (8) පැවසූහ.
මේ වැලි තලාවේ වැලිවලින් වැලි කියුබ් ලක්ෂ දෙකක් පමණ අදාල පූජකවරයා විසින් බැකෝ යන්ත්‍ර යොදා ගොඩ ගසා ඇති අතර පොලීසියට මේ පිළිබඳව ලද පැමිණිල්ලක් මත පොලීසිය එම ස්ථානයට ගොස් ඇතත් පූජකවරයා පොලිස් නිලධාරීන්ට වැලි ගොඩ ගසා ඇති ප්‍රදේශයට යාමට අවසර ලබා දී නොමැත.
මුලතිව් උප්පමාවෙලි ප්‍රදේශයේ ස්වභාවික වැලි පිහිටා ඇති ප්‍රදේශය අක්කර 2000 ත් 2200 ත් අතර ප්‍රමාණයක් වන අතර එම පළාතේ වැලි කැපීම පරිසර අධිකාරිය විසින්ද මුලතිව් ප්‍රාදේශීය සභාව විසින්ද තහනම් කොට තිබේ.
තත්ත්වය එසේ තිබියදී පුජකවරයා විසින් එක් රැස් කරණ ලද වැලි අලෙවි කිරීම සදහා බලපත්‍ර ලබා ගැනීමට උත්සහ කොට ඇති අතර බලපත්‍ර නොලැබීමෙන් පසුව ඔහු බලහත්කාරයෙන් ටිපර් වලින් වැලි ප්‍රවාහනය කරන බවද මුලතිව් ආරක්ෂක අංශ කියා සිටියි.