කොවිඩ් -19 වෛරස ආසාදනයට එරෙහි ව තමන් සාර්ථක ඖෂධ නිෂ්පාදනය කළා යයි පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් වේ නම් ඔවුන් එම ඖෂධ ජනතාවට හඳුන්වා දීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමට ලක් කිරීම සහ අනුමැතිය ලබා දීම අනිවාර්ය බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සඳහන් කරයි.
එසේ නොමැතිව කටයුතු කරන වෛද්‍යවරුන්ට මෙම නියමයට අනුකූලව කටයුතු කෙරන්නේ නම් ඔවුන්ට විරුද්ධ ව ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනතට අනුව විනය පියවර ගන්නා බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය මඟින් ඔවුන් මෙරට සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් ඉල්ලා සිටිනුයේ මෙවැනි ඖෂධවලට ප්‍රචාරය ලබා දීමට පෙර එම ඖෂධවලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවතින්නේද යන්න පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා සිටී.