කොළඹට ආරක්ෂාව යොදවා තිබුණේ ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා… රජයේ ආරංචි මාර්ග දැන් කියයි!

යුද හමුදාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත්, ඇතුළු විවිධ පාර්ශව විවිධ හේතු දක්වා තිබූ කොළඹ ආරක්ෂාව තර කිරීමේ නියෝගය ලබා දී ඇත්තේ කිසිවෙක් විසින් නොව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග දැන් ප්‍රකාශ කරයි. 

ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත 2023.05.12 වනදා සිට කොලඹට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත්තේ  සංවිධානාත්මකව මහජන කැලඹීමක් ඇතිකිරීමට හා මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇතිකිරීමට පිරිසක් සූදානම්ව ඇති බවට  බුද්ධි තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබීම නිසා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත.

ලැබුණු තොරතුරු මත  ජනාධිපතිවරයා වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට මේ පිලිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

අනතුරුව සාගල රත්නායක හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ පිලිබදව සාකච්ඡා කොට හදිසි රැස්වීමක් කැදවා  ඇති බවත්, ඒ අනුව යුධ හමුදාපති විකුම් ලියනගේ ,මේජර් ජෙනරල් සුරේෂ් සලේ,බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන නිලධාරින් ජනාධිපති කාර්‍යාලට කැදවා ඇති බව දැනගන්නට ඇත.


මෙහිදී බුද්ධි තොරතුරුවලට අනුව ආරක්ෂක අංශ කෙසේ සූදානම් විය යුතුද යන්න සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කර ඇති බවත් මෙහිදී  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්   ශ්‍රීලංකා පොලිසිය හා යුධ හමුදාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරන ලද බවත් අභ්‍යන්තර තොරතුරු කියයි.

පෙරේදා (12)  සිට මේ දක්වා කොලඹ ආරක්ෂාව දැඩි කර ඇත්තේ මේ නිසා බව දැනගන්නට ඇත.

මේ ලිපියත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒක පෙර පුහුණුවක් ලු…

Exit mobile version